දේශීය

සමගි ජන බලවේගයෙන් ඉවත්වූ තවත් අපේක්‍ෂකයෙක්

(UTV |කොළඹ) –  2020 මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ තවත් අපේක්ෂකයෙක් ඉල්ලා අස්වී තිබේ.

ඒ රත්නපුර දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා බාර දී සිටි නිලූකා ඒකනායක මහත්මියයි.

නිලුකා ඒකනායක මහත්මිය විසින් සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට යවා ඇත.

එහි පිටපත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට වෙත යොමු කර ඇති බව වාර්තතා වේ.

නිලූකා ඒකනායක මහත්මිය කලක් මධ්‍යම හා සබරගමුව පළාත්වල ආණ්ඩුකාරධූරය ද දැරීය.

Related posts

රතන හිමියෝ නතර වෙති

Editor O

රුපියලේ අගය තවදුරටත් පහළට

Mohamed Dilsad

දෝහා කටාර්හි සිට තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment