දේශීය

සංචාරක වීසා ගාස්තුව ඩොලර් 35 සීමාවේ

(UTV | කොළඹ ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් සංචාරක වීසා ගාස්තුව ඩොලර් 35 සීමාවේ රඳවාගන්නා ලෙස උපදෙස් ලබාදී තිබේ.

සංචාරක ක්‍ෂෙත්‍රය නගා සිටුවීමට අදාළව සහන ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සංචාරක ක්‍ෂෙත්‍රය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

වීසා ගාස්තු, දේශීය සංචාරකයින් සඳහා පහසුකම් සැළසීම, විදේශ සංචාරකයින් සඳහා රට විවෘත කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග, සංචාරක කර්මාන්ත ශක්තිමත් කිරීම සඳහා අරමුදලක් ආරම්භ කිරීම ආදී කරුණු රැසක් සාකච්ඡා කර තිබේ.

Related posts

CEYPETCO මිල ඉහළ නැංවීම යෝජනාවට මෙතෙක් රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නැහැ

Mohamed Dilsad

ලියාපදිංචි සංචාරක ආයතන සහ පුද්ගලයන්ට වසරක ගාස්තු නිදහසක්

Mohamed Dilsad

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

Mohamed Dilsad

Leave a Comment