දේශීය

සංචාරක වීසා ගාස්තුව ඩොලර් 35 සීමාවේ

(UTV | කොළඹ ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් සංචාරක වීසා ගාස්තුව ඩොලර් 35 සීමාවේ රඳවාගන්නා ලෙස උපදෙස් ලබාදී තිබේ.

සංචාරක ක්‍ෂෙත්‍රය නගා සිටුවීමට අදාළව සහන ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සංචාරක ක්‍ෂෙත්‍රය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

වීසා ගාස්තු, දේශීය සංචාරකයින් සඳහා පහසුකම් සැළසීම, විදේශ සංචාරකයින් සඳහා රට විවෘත කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග, සංචාරක කර්මාන්ත ශක්තිමත් කිරීම සඳහා අරමුදලක් ආරම්භ කිරීම ආදී කරුණු රැසක් සාකච්ඡා කර තිබේ.

Related posts

ජපානේදී ජනපති – මෝදි අතර හමුවක්

Mohamed Dilsad

විදුළි වෘත්තිය සමිති අද විශේෂ සාකච්ඡාවක

Mohamed Dilsad

හබරාදුව ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි

Editor O

Leave a Comment