දේශීයප්‍රමුඛ පුවත 1

එජාපෙ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

(UTV | කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද(05) පෙරවරුවේ රැස්වීමට නියමිතව ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සංකීරණයේ දී මන්ත්‍රී කණ්ඩායම රැස්වන බවට වාර්තා වේ.

මෙහිදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ද බලාපොරොත්තු වන බව තුෂාර ඉදුනිල් මහතා සඳහන් කළේය.

මීට අමතරව ඊයේ(04) පස්වරුවේදී නව සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් විපක්ෂනායක කාර්යාලයේදී පැවැත් විය.

කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් කළ සිව් දෙනාගේ සාමාජිකත්වය යලි ලබාදෙන තුරු විපක්ෂ නායකවරයා කෘත්‍යාධිකාරි මණ්ඩලයට සහභාගී නොවනු ඇති බව එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක සඳහන් කළේය.

Related posts

මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

කොළඹ වරාය නගරයේ සමාගම් 4ක් සඳහා 25 වසරක බදු සහන…?

Editor O

2018 පොදුරාජ්‍ය මාණ්ඩලීය ව්‍යාපාරික සමුළුවට ශ්‍රි ලංකාව සූදානම්

Mohamed Dilsad

Leave a Comment