Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ වරාය නගරයේ සමාගම් 4ක් සඳහා 25 වසරක බදු සහන…?

ජනාධිපති අනුර දිසානායක මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටියේ සමාගම් 4ක් සඳහා දේශීය ආදායම් පනත යටතේ වසර 35ක කාලයකට බදු සහන ලබාදී තිබේ. ඒ සියළු ආදායම් , ලාභ සහ බෙදාදෙනු ලබන ලාභාංශ, රඳවා ගැනීමේ බදු සහ ආනයනික බදු සඳහා ය.

ඊට අමතරව එකතුකළ අගය මත බදු හෙවත් වැට් බදු වලින්, මුදල් පනතේ විධිවිධාන වලින්, සුරා බදු වලින්, රේගු බදු වලින්, වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බදු හෙවත් පැල් බදු වලින්, අපනයන සංවර්ධන පනතෙන් , කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනතින් , හා විදේශ විනිමය පනතින් එම සමාගම් හතර නිදහස් කර ඇති අතර ඒ වසර 25 ක කාලයක් සඳහා ය.

Ceylon Real Estate Holdings ( Private ) Limited , Clothespin Management and Development ( Private ) Limited , IFC Colombo (Private ) Limited සහ ICC Port City ( Private ) Limited යන සමාගම් වලට ඒ ආකාරයට බදු සහන ලබාදී තිබේ.

එම බදු හා පනත් වල විධිවිධාන වලින් එම සමාගම් නිදහස් කිරීම 2025 ජූලි මස 14 දිනෙන් ආරම්භ වන අතර දේශීය ආදායම් පනතින් නිදහස් කිරීම 2060 ජූලි 13 දක්වා ක්‍රියාත්මක කෙරේ. අනෙක් පනත් සම්බන්ධයෙන් වන නිදහස් කිරීම් 2050 ජූලි 13 දක්වා ක්‍රියාත්මකය. මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ජූලි 14 දින සහිතව අංක 2445/2, අංක 2445/3, අංක 2445/4 සහ අංක 2445/5 යනුවෙන් නිකුත්කර ඇත.

ලසන්ත රුහුණගේ – අනිද්දා

Related posts

கர்ப்பிணி தாய்மார்களுக்கு வண்டுகள்,புழுக்கள் அடங்கிய போஷாக்கு உணவு பொதிகளை வழங்கிய கொடூரம்

Mohamed Dilsad

Sri Lanka Navy apprehends a boat with 88 Sri Lankans

Mohamed Dilsad

கடலில் மூழ்கிய இலங்கையரை மீட்ட தமிழக மீனவர்கள்

Mohamed Dilsad

Leave a Comment