දේශීය

කැණීම් ස්ථාන පුනරුත්ථාපන වාර්තාව පරිසර අමාත්‍යවරයාට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ කැණීම් ස්ථාන පුනරුත්ථාපනය පිළිබඳව සකස් කළ විමර්ශණ වාර්තාව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පරිසර අමාත්‍යවරයාට භාර දී තිබෙනවා.

රට පුරා ඇති කැණීම් ස්ථාන විධිමත් පරිදි පුනරුත්ථාපනය නොකිරීම සම්බන්ධව තමන්ට සතියක් තුළ විමර්ශණාත්මක වාර්තාවක් සපයන ලෙසයි අමාත්‍යවරයා පසුගියදා කාර්යාංශයේ සභාපතිවරයාට හා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබුණේ.

2012 සිට 2021 මාර්තු දක්වා කාලය තුළ පුනරුත්ථාපනය නොකරන ලද කැණීම් භූමි 950 ක් තවමත් පවතිනවා.

එමෙන්ම ස්ථාන 2491 ක මේ වනවිට පුනරුත්ථාපන කටයුතු අවසන් කර ඇති බවද සඳහන්.

කැණිම් අවසන් කිරීමෙන් පසුව එම ස්ථාන නිසි පරිදි පුනරුත්ථාපනය නොකරන ලද පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, එවැනි ආයතන හා පුද්ගලයින්ට නැවත බලපත් ලබා නොදීමටත් පරිසර අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබෙනවා.

Related posts

මොරවක නගරයේ කඩ සාප්පු වසා දැමේ

Mohamed Dilsad

ඉන්ධන අර්බුදය නිසා එළවළු මිල පහළට

Mohamed Dilsad

සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකන බස්වලට නීතිය දැඩිව

Mohamed Dilsad

Leave a Comment