දේශීය

පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන් කැඳවීමට තීරණය කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ලබන 23 වනදා පෙරවරුවේ අදාළ රැස්වීම පැවැත්වෙන බවයි.

මෙහිදි පාර්ලිමෙන්තුවේ මැතිවරණ නිති සංශෝධනය පිළිබඳ පත් කර ඇති විශේෂ කාරක සභාවට මැතිවරණ කොමිසම ඉදිරිපත් කළ යොජනා සඳහා දේශපාලන පක්ෂවල සහය ලබා ගැනීමට නියමිතව තිබේ.

මීට අමතරව පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය පිළිබඳව මෙහිදි අවධානය යොමු කිරීමට නියමිතව ඇතැයි සඳහන් ය.

Related posts

මල්වාන ප්‍රදේශයේ රිය අනතුරකින් මවක් සහ දියණියක් මරුට

Mohamed Dilsad

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද (27) එන්න බැහැ | සති දෙකක් කල් දෙන්න – ශිරන්ති රාජපක්ෂ

Editor O

සරසවි ප්‍රවේශයට යෝග්‍යතා පරීක්ෂණ නැහැ

Mohamed Dilsad

Leave a Comment