Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද (27) එන්න බැහැ | සති දෙකක් කල් දෙන්න – ශිරන්ති රාජපක්ෂ

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ, අද (27) දින පෙනී සිටීමට නොහැකි බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය එම කොට්ඨාසය වෙත දැනුම් දී තිබේ.

නීතිඥවරයෙකු මාර්ගයෙන් ලිඛිතව මෙම දැනුම් දීම සිදු කර ඇති අතර, ඒ සඳහා තමන්ට සති දෙකක කාලයක් ලබා දෙන ලෙස ද ඇය ඉල්ලා ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ක්‍රියාත්මක වූ ‘සිරිලිය සවිය’ පදනමට අයත් බැංකු ගිණුමක සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඇයට අද දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

Related posts

நாளை மழை அதிகரிக்கும்

Mohamed Dilsad

මහබැංකුව පොලී අනුපාත ඉහළ නැංවීම IMF ප්‍රශංසාවට

Mohamed Dilsad

பிலிப்பைன்ஸ் கடலில் விழுந்த அமெரிக்க கடற்படை விமானத்தில் பயணித்த 8 பேர் மீட்கப்பட்டனர்

Mohamed Dilsad

Leave a Comment