දේශීය

මහබැංකුව පොලී අනුපාත ඉහළ නැංවීම IMF ප්‍රශංසාවට

උද්ධමනය පාලනය සඳහා සැලසුම් සහගත ක්‍රියාවලියට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලි අනුපාතික ඉහළ දැමීම සුදුසු දෙයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

 

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (03) ප්‍රකාශ කළේ, උද්ධමනය පිළිබඳ දැක්ම සම්බන්ධයෙන් මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය අතර යම් වෙනස්කම් පැවතිය ද ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 1%කින් ඉහළ නංවන බවය.

 

එලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ නැංවීමට මහ බැංකුව ගත් තීරණය සුදුසු සහ උද්ධමන ඉලක්ක රාමුව යටතේ පිහිටුවා ඇති අරමුණුවලට අනුකූල බව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

 

එය උද්ධමන ඉලක්ක සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ කැපවීම පිළිබිඹු කරන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

Related posts

ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීමට අදාළව 55, 285 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම ගැන ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ්ගෙන් ප්‍රකාශයක්

Editor O

ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම ගැන නීතිපති පරීක්ෂණයක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment