දේශීය

මහබැංකුව පොලී අනුපාත ඉහළ නැංවීම IMF ප්‍රශංසාවට

උද්ධමනය පාලනය සඳහා සැලසුම් සහගත ක්‍රියාවලියට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොලි අනුපාතික ඉහළ දැමීම සුදුසු දෙයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

 

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (03) ප්‍රකාශ කළේ, උද්ධමනය පිළිබඳ දැක්ම සම්බන්ධයෙන් මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය අතර යම් වෙනස්කම් පැවතිය ද ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 1%කින් ඉහළ නංවන බවය.

 

එලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ නැංවීමට මහ බැංකුව ගත් තීරණය සුදුසු සහ උද්ධමන ඉලක්ක රාමුව යටතේ පිහිටුවා ඇති අරමුණුවලට අනුකූල බව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

 

එය උද්ධමන ඉලක්ක සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ කැපවීම පිළිබිඹු කරන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

Related posts

සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් පවුල් 48,350 තවමත් තාවකාලික ස්ථානවල

Editor O

උතුරු – නැගෙනහිර හර්තාල්…..!

Editor O

මහ මැතිවරණය අවසන් වු විගස පැරණි ක්‍රමයට පළාත් මැතිවරණය

Mohamed Dilsad

Leave a Comment