දේශීය

කුෂ් මත්ද්‍රව්‍ය සමග විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 16කට අධික ප්‍රමාණයක් සමඟ විදේශීය ජාතිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ හබරාදුව හීනටිගල, තල්පේ සහ පිටිදූව ප්‍රදේශවල සිදුකළ වැටලීම් වලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

 

සැකකරුවන් 21 සහ 46 යන වයස් සීමාවල පසුවන පුද්ගලයින් බව පොලීසිය පවසයි.

 

ඔවුන් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හබරාදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

පස්සර හා අරණායක තවදුරටත් අවධානම්

Mohamed Dilsad

පරිපාලන ලේකම්ට ජනාධිපති කාර්යාලයෙන් විශේෂ කැඳවීමක්

Mohamed Dilsad

රැකියා අහිමිවීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment