ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද නිරීක්ෂකයින් 1000ක්

 

(UTV | කොළඹ) – තැපැල් ඡන්දය පැවැත්වෙන මුල් දිනයේ එනම් හෙට දිනයේ (2019.10.31) පැවැත්වෙන තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන සඳහා පැෆ්රල් සංවිධානය විසින් විධිමත් පුහුණුවක් සහිත නිරීක්ෂකයින් 1000කට අධික පිරිසක් දේශපාලන වශයෙන් සංවේදී සහ සැළකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් සහිත ලංකා ගමනාගමන මණ්ඩල, අධ්‍යාපන කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි රාජ්‍ය ආයතනවලට යෙදවීමට කටයුතු කර තිබේ.

ඉදිරි තැපැල් ඡන්ද විමසීමේ දිනවලදී ද පැෆ්රල් සංවිධානයේ නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන අතර, ඡන්දය භාවිත කරන සියලු තැපැල් ඡන්ද හිමියන්ගෙන් , තමන්ගේ තැපැල් ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව සාමකාමීව තම තමන්ගේ දෛනික කටයුතුවල නිරතවන ලෙසෙ එම සංවිධානය ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවදුරටත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගත යුතු නැහැ [VIDEO]

Mohamed Dilsad

පැෆ්රල් සංවිධානයෙන් ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

සුළං බල මෙහෙයුම දියත් කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment