ප්‍රමුඛ පුවත 1

විශ්වවිද්‍යාල ගැටළු ඉදිරිපත් කිරීමට ඔම්බුඩ්ස්මන් මණ්ඩලයක්

(UTV | කොළඹ) – නව රජයේ අවධානය විශ්වවිද්‍යාල පද්ධතියට බලපාන ගැටලු ඉදිරිපත් කිරීම සඳහා ඔම්බුඩ්ස්මන් මණ්ඩලයක් පිහිටුවීම කෙරෙහි යොමුව තිබේ.

එම මණ්ඩලය මගින් විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලු, අනධ්‍යන සේවක ගැටලු, අධ්‍යයන කාර්ය මණ්ඩල ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

එමඟින් විවිධ ඉල්ලීම් සහ ගැටළු මුල්කරගනිමින් නිර්මාණය වන උද්ඝෝෂණ, විරෝධතා සහ වැඩවර්ජන ආදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඇතිවීමේ ප්‍රවණතාව ද පහළ යනු ඇතැයි ඔහු පැවසුවේ ය.

පත් කිරීමට නියමිත මෙම ඔම්බුඩ්ස්මන් මණ්ඩලය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විද්වතුන්ගෙන් සමන්විත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙම මණ්ඩලයට ඕනෑම අවස්ථාවක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ගැටලු ඉදිරිපත් කළ හැකි වේ.

ඉදිරිපත් වන ගැටළු වලට විසදුම් සහිත නිර්දේශ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ තත්ත්වයන් වහා විසදීමේ හැකියාව පවතින බව ද අමාත්‍යවරයා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 5 දෙනෙකු රෝහලට

Mohamed Dilsad

ඇමති රිෂාඩ් මිනුවන්ගොඩ තත්ත්වය නිරීක්ෂණය කරයි

Mohamed Dilsad

පූජිත් ජයසුන්දරගේ පෙත්සම සළකා බැලීම යලි කල් යයි

Mohamed Dilsad

Leave a Comment