ප්‍රමුඛ පුවත 1

ඉන්දියානු ‘නිරීක්ෂක්’ නෞකාව ත්‍රිකුණාමල වරායට සේන්දු වෙයි

(UTV | කොළඹ) – ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව පුහුණු සංචාරයක් සඳහා ඊයේ (25) ත්‍රිකුණාමලය වරායට සේන්දු වී තිබේ.

ලබන මස 03 වනදා දක්වා එම නෞකාව මෙරට රැඳී සිටින බව නාවික හමුදාව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගෙන තිබේ.

ඉන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී කමාන්ඩර් බී.කේ ප්‍රසාන්ත් හා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර හමුවක් ද සිදු වූ අතර එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් සිදු වූණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය තාක්ෂණ නිලධාරින් අකුරට වැඩ

Mohamed Dilsad

පොලිස් ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 15නෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

පුත්තලමේ මාරක රිය අනතුරක්.සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment