ප්‍රමුඛ පුවත 1

ඌව පළාතේ හෙද හා වෛද්‍ය වර්ජනයක්

(UTV| කොළඹ) – ප්‍රධාන ඉල්ලීම් හයක් මුල් කරගනිමින් සැප්තැම්බර් 04 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ඌව පළාත් හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හෙද පරිපූරක අතුරු වෛද්‍ය යන සියලු වෘත්තීයවේදීන් හිඟ අතිකාල දීමනා නොගෙවීම, ගමන් වියදම් නොගෙවීම ඇතුළු ඉල්ලිම් මීට ඇතුලත්ව තිබේ.

මීට අමතරව සැප්තැම්බර් 05 දින ඌව පළාත් සභාව ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක නිරතවීමට තීරණය කර ඇති බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

අවස්ථා කිහිපයකදී ම පළාත් බලධාරීන් සමඟ කළ සාකච්ඡාවලින් කිසිඳු ප්‍රතිචාරයක් නොලැබීම නිසා මෙම පියවර ගත් බවද එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුවල පිටුවහල් කිරීම ගැන තීන්දුව දීම කල් යයි

Mohamed Dilsad

බත්තරමුල්ල අවට තදබදයට සහන කාර්යාල වේලාවක්

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment