ප්‍රමුඛ පුවත 1

ඌව පළාතේ හෙද හා වෛද්‍ය වර්ජනයක්

(UTV| කොළඹ) – ප්‍රධාන ඉල්ලීම් හයක් මුල් කරගනිමින් සැප්තැම්බර් 04 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ඌව පළාත් හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හෙද පරිපූරක අතුරු වෛද්‍ය යන සියලු වෘත්තීයවේදීන් හිඟ අතිකාල දීමනා නොගෙවීම, ගමන් වියදම් නොගෙවීම ඇතුළු ඉල්ලිම් මීට ඇතුලත්ව තිබේ.

මීට අමතරව සැප්තැම්බර් 05 දින ඌව පළාත් සභාව ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක නිරතවීමට තීරණය කර ඇති බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

අවස්ථා කිහිපයකදී ම පළාත් බලධාරීන් සමඟ කළ සාකච්ඡාවලින් කිසිඳු ප්‍රතිචාරයක් නොලැබීම නිසා මෙම පියවර ගත් බවද එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති ගෝඨාභයට මහේෂ්ගෙන් සුභපැතුම් [VIDEO]

Mohamed Dilsad

අනුරුද්ධ පොල්ගම්පොළ ඇප මත නිදහස්

Mohamed Dilsad

පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment