ප්‍රමුඛ පුවත 1

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට තැපෑලට

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම හෙට(25) සිදු කිරීමට නියමිතව තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඉන් අනතුරුව ඡන්ද දායකයින් වෙත ඡන්ද දැන්විම් පත්‍රිකා බෙදාහැරීම සිදු කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

නොවැම්බර් මස 09 වන දිනෙන් නිල ඡන්ද දැන්විම් පත්‍රිකා බෙදාහැරිම අවසන් වීමට නියමිතව ඇත.

නොවැම්බර් මස 09 වන දිනට පෙර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට අදාල තැපැල් කාර්යාලය වෙත ගොස් අනන්‍යතාව තහවුරු කිරිමෙන් අනතුරුව ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමේ හැකියාව පවතින අතර ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමේ විශේෂ දිනය ලෙස නොවැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත් කර ඇත.

තැපැල් ඡන්ද විමසීම ලබන 31 සහ නොවැම්බර් මස 01 වන දින සිදු කිරිමට නියමිත අතර ඒ සඳහා අදාල තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙන බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාලදිවයින භාරයේ සිටි ධීවරින් පිරිසක් නිදහස්

Mohamed Dilsad

මැතිවරණ කොමිසම සහ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

සමාජ මාධ්‍ය හරහා බෙදීම් ඇති කිරීම රටේ ප්‍රගතියට බාධාවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment