ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ්ට එස්.බී ගෙන් ලැබුණු ආරධනාවේ හඬ පටය මාධ්‍යට නිකුත් වෙයි

(UTV| කොළඹ) – දින පනස් දෙකේ ආණ්ඩුවට එක්වන ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එස් .බී .දිසානායක මහතා කළ ආරාධනයේ හඬ පටය මේ වන විට මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට තම පක්‍ෂයේ සාමාජිකයින්ද සමග දින 52 ආණ්ඩුවට එකතුවන ලෙස එස්.බී.දිසානායක මහතා මෙහිදී අමාත්‍යවරයාට ආරාධනය කර තිබුණි.

පසුගියදා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ එස්.බී. දිසානායක මහතා තමන්ට මාධ්‍ය හමු පවත්වමින් මෙලෙස මඩ ගසන්නේ තමන්ට කල ආරාධනය පිළි නොගත් නිසා බවයි.

නමුත් තමන් එම හඬ පටය නියමිත වෙලාව පැමිණි පසු මාධ්‍යට හෙළි කරන බවද රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවසුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .බී .දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාට මෙලෙසම කල ආරාධනයක දුරකථන සංවාදය මාධ්‍යට නිකුත් වුණි.

ඉන් පසු එම හඬ පටය මගින් එස් .බී.දිසානායක මහතා සියළු දෙනාගේම හාස්‍යට ලක්වූ අතර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට කල ආරාධනය ඇතුළත් දුරකථන සංවාදයේ හඬ පටය පහතින් අසන්නට හැක.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැමරීම තුළින් එකමුතුකම ශක්තිමත් කරමු – සංහිදියා කාර්යංශය කියයි

Mohamed Dilsad

පොහොට්ටුවට සහය දක්වන්නන් අතර හමුවක්

Mohamed Dilsad

ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment