ප්‍රමුඛ පුවත 1

පොහොට්ටුවට සහය දක්වන්නන් අතර හමුවක්

 

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන පක්ෂවල නායකයින්ගේ හා නියෝජිතයන්ගේ හමුවක් අද(29) පැවැත්වේ.

එම සාකච්ඡාව අද රාත්‍රී 7.00 ට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත් වීමට නියමිතව ඇත.

මෙහිදී ලබන 31 වන දා අත්සන් තැබීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ගිවිසුම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙන අතර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ තනතුරු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බිහිකරගැනීමට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය , ජාතික නිදහස් පෙරමුණ , කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය ඇතුළු පක්ෂ එක්ව අත්සන් තැබීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන මැතිවරණ සඳහා පුටුව ලකුණින් ඉදිරිපත්වීමට සැලසුම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය සහ බස් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

Mohamed Dilsad

අගමැති සහ විදෙස් ඇමති මෙරට විදෙස් තානාපතිවරු හමුවෙයි

Mohamed Dilsad

අමිත් වීරසිංහ ඇතුළු 35 දෙනා යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment