ප්‍රමුඛ පුවත 1

බණ්ඩාරවෙල පාරිසරික ගැටළු පිළිබඳව මූලික කරුණු විමර්ශනයට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්

(උදයම්,කොළඹ)  – උමාඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේදී බණ්ඩාරවෙල ප්‍රදේශයට දැනට පැන  නැඟී ඇති පාරිසරික ගැටළු පිළිබඳව මූලික කරුණු විමර්ශනය සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කරයි.

මහින්ද අමරවීර, පාඨලී චම්ලික රණවක සහ විජිත් විජයමුණි සොයිසා යන අමාත්‍යවරුන් මෙම අනු කමිටුව සඳහා පත් කර ඇත.

මෙම අනුකමිටුව ලබන සතියේ බණ්ඩාරවෙලට යාමට නියමිත අතර එහිදී උමා ඔය ව්‍යාපෘතියෙන් හට ගෙන තිබෙන පාරිසරික ගැටළු නිරීක්ෂණය කිරීමට නියමිතය.

මීට අමතරව ඊට අදාළ පාර්ශව සියල්ල කැඳවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටත් ,මූලික කරුණු අධ්‍යයනයක නිරිත වීමට සැලසුම් කර තිබේ.

Related posts

නව දැක්මකින් යුතු ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන ගැන ඇමති රවී හෙළි කරයි

Mohamed Dilsad

“නියං තත්ත්වයේදී ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව කැදවනවා” ජනපති

Mohamed Dilsad

අදත් සුළගේ වේගය වැඩිවන බවට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment