ප්‍රමුඛ පුවත 1

මෙරට සහල් හිඟයක් ඇති නොවන බවට ඇමති රිෂාඩ්ගෙන් සහතිකයක්

(උදයම්,කොළඹ)   –  මෙරටට අවශ්‍ය සහල් ආනයනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් තානපතිවරුන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා අතර හමුවක් පසුගියදා කර්මාන්ත හා වාණජ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට ඉන්දුනීසියානු තානාපති ගුස්ටි නුග්රා ආඩියාසා, තායිලන්ත තානාපති චුලාමනී චාර්ට්සුවාන්, වැඩ බලන පාකිස්තානු මහ කොමසාරිස් ආචාර්යය සෆ්රාස් අහමඞ් ඛාන් යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

ඉන්දුනීසියාව, තායිලන්තය, පාකිස්තානය යන රටවලින් සහල් මිල ගණන් තම අමාත්‍යාංශයට ලබා දෙන මෙන් අමාත්‍යවරයා තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කෙළේය.

ආනයනයට නියමිත සහල්, විශේෂඥයින් කණ්ඩායමක් යටතේ පරීක්ෂා කර සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා කඩිනමින් ආනයනයට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කෙළේය.

මෙහි පළමු අදියර යටතේ සහල් මෙට්ටි්‍රක් ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Related posts

දුම්රියකට ගල් ප්‍රහාරයක් රියදුරු රෝහලේ

Mohamed Dilsad

ඖෂධ මිල වැඩිවීම පිළිබඳව ඇමති රාජිත කියන කතාව

Mohamed Dilsad

මහනුවර ප්‍රදේශයට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්

Mohamed Dilsad

Leave a Comment