ප්‍රමුඛ පුවත 1

දුම්රියකට ගල් ප්‍රහාරයක් රියදුරු රෝහලේ

මල්ලාකම් උප දුම්රියපොළ ආසන්නයේදී දුම්රියකට එල්ල වූ ගල් ප්‍රහාරයකින් දුම්රිය රියදුරෙකු තුවාල ලබයි.

කන්කසන්තුරය සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇති බව අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

එහිදී තුවාල ලැබූ දුම්රිය රියදුරු ප්‍රතිකාර සඳහා යාපනය මහ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලීසියට  පැමිණිලි කර ඇති අතර ගල් ප්‍රහාරය එල්ල කල සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.

Related posts

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි.

Mohamed Dilsad

අපරාධ වලට සම්බන්ධ තවත් අපරාධකරුවන් 20ක් බූස්ස බන්ධනාගාරයට

Mohamed Dilsad

රාජ්‍ය වෙසක් සතිය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment