ප්‍රමුඛ පුවත 1

අපරාධ වලට සම්බන්ධ තවත් අපරාධකරුවන් 20ක් බූස්ස බන්ධනාගාරයට

(UTV| කොළඹ) – වැලිකඩ ඇතුළු විවිධ බන්ධනාගාර වල සිටි සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ තවත් අපරාධකරුවන් 20 දෙනෙකු දැඩි ආරක්ෂාව මධ්‍යයේ බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ සඳහන් කළේ මාරු කර යැවු පිරිස බන්ධනාගාර වල සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන්නන් මෙන්ම විවිධ අපරාධ සැලසුම් කරන්නන් බවට බුද්ධි අංශ  විසින් හඳුනාගෙන ඇති බවයි

බුද්ධි අංශ මගින් මේ වනවිට නිකුත් කර ඇති  වාර්තාවන්ට අනුව බූස්ස බන්ධනාගාරය තුළ එම රැඳවුවන් සඳහා වෙන්කර ඇති සිරකුටි වලට දැඩි ආරක්ෂාවක් සළසා ඇති බවත් තවත් දරුණු ගණයේ අපරාධකරුවන් 20කට ආසන්න සංඛ්‍යාවක් බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට නියමිත බවත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාය යෑමේ අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

මෙරට සහල් හිඟයක් ඇති නොවන බවට ඇමති රිෂාඩ්ගෙන් සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment