ප්‍රමුඛ පුවත 1

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

(UTV| කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් ඌව සහ නැගෙනහිර පළාත්වලත් පො‍ළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් තවදුරටත් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (11) පෙරවරු නිකුත් කළ නිවේඳයෙහි සඳහන් වෙයි.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාඩු ලැබූ ලංකා සතොසට අද කෝටි 100 ක ලාභයක් – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහයත් සජිත්ට

Mohamed Dilsad

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා යාපනය ආරක්ෂක‍ සේනා ආඥාපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment