ප්‍රමුඛ පුවත 1

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා යාපනය ආරක්ෂක‍ සේනා ආඥාපති හමුවෙයි

(UTV|යාපනය) – උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අතර විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.

ඒ ඊයේ(08) යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදීය.

සේවයෙන් ස්ථාන මාරුවීම් ලබා ආරක්ෂක අමාත්‍යාංශය වෙත යාමට නියමිත යාපනය ආඥාපතිවරයා එහිදි උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවි සමුදීම සිදුකෙරිණ.

යාපනය දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ ආරක්ෂක තත්වය යහපත්ව පවත්වාගෙන යාමට යාපනය ආඥාපතිවරයා දැක්වු මෙහෙය වෙනුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා වෙත ගෞරවය පිරිනැමීමද සිදුකෙරිණ.

යාපනය ආරක්ෂක තත්වය හා යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද දෙපාර්ශවය එහිදි සාකච්ජා කළහ.

දෙපාර්ශවය හමුව සිහිපත් කිරීම වෙනුවෙන් සමරු තිළිණ හුවමාරු කර ගැනීමද සිදුකරනු ලැබීය.

සාකච්ජාව වෙනුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එස්.සත්‍යසීලන් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොවිඩ් සමය තුළ බිඳ වැටුණු ව්‍යාපාර ගැන සොයයි

Mohamed Dilsad

වසර 68ක ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨ සේවය ජනපතිගේ ඇගැයීමට

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය සාධාරණය කොට වීඩියෝවක් නිකුත් කළ ‍මවුලවිට ඇප

Mohamed Dilsad

Leave a Comment