ප්‍රමුඛ පුවත 1

නාය යෑමේ අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ.

(UTV| කොළඹ) – රත්නපුරය, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්වල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ කිහිපයකට නිකුත් කර තිබූ නායයෑම් පිිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් හෙට පස්වරු 4 දක්වා දීර්ඝ කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ රත්නපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ සඳහාද නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට මෙලෙස අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල , මතුගම , පාලින්ද නුවර සහ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙලෙස නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මේ වනවිට කැළණි ගඟේ ජල මට්ටම සාමාන්‍ය අතට පත්ව ඇති අතර කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් පමණක් සුළු ජල ගැලීම් තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජිත් ප්‍රේමදාස සහ පාක්ෂිකයින් අතර හමුවක් [VIDEO]

Mohamed Dilsad

කළුතර අපේක්ෂකයින්ටත් ඇමති රිෂාඩ්ගේ සහය(ඡායාරූප)

Mohamed Dilsad

දෙදරු මවක් ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment