ප්‍රමුඛ පුවත 1

සුළගේ වේගය වැඩි විය හැකි බවට අනාවැකි

(UTV| කොළඹ) – දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව පවතින අතර එම තත්ත්වය
ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවියහැකි වැසි ස්වල්පයක්
හැරුනක කොට දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50-55 දක්වා තරමක් තද සුළං (Gusty winds) ඇතිවිය හැක.

මේ අතර දිවයින අවට මුහුදු ප්‍රදේශ වල හමන සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතී.

කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රකශවවල සිහින් වැසි ඇතිවිය හැ ක.

සෙසු මුහුදු ප්‍රකශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වෙක් පවතී.

මීට අමතරව දිවයින වටා වන මුහුදු ප්‍ර දේශවල සුළං බස්නාහිර හෝ නිරිත දිශාවලින් හමන අතර සුළඟේ වේගය පැ.කි.මී. 30-40 ක්
පමණ වේ.

මීගමුව සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තතොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය
විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.

සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45-50 දක්වා වැඩි විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ
තරමක් රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබදව අවධානදයන් කටයුතු කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැයි දින සැමරුම් පණිවිඩය.

Mohamed Dilsad

පාසල් අවට මිටර් 500 ක් ඇතුළත දූම්වැටි විකිණීමත් තහනම්

Mohamed Dilsad

නිදහස් පක්ෂයට නව ධුර දෙකක්.

Mohamed Dilsad

Leave a Comment