ප්‍රමුඛ පුවත 1

පාසල් ක්‍රිකට් සමයේ දී සිසුන්ට විනය කඩනොකරන ලෙස පොලිසියෙන් දැනුම් දීමක්…

(UTV| කොළඹ) – මේ දිනවල පැවැත්වෙන පාසල් මහා ක්‍රිකට් තරඟාවලි හේතුවෙන් අදාළ කාල සීමාව තුළ විනය විරෝධී ක්‍රියාවල නිරත වීමෙන් වළකින ලෙස පොලීසිය පාසල් සිසුන්ට දැනුම් දෙයි.

එලෙස විනය විරෝධී ලෙස ක්‍රියාකරන සිසුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන අතර තරගාවලීන් පැවැත්වෙන කාල සීමාවන් තුල මාර්ග ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

අදාළ කාලසීමාව තුළ බාලිකා පාසල් සඳහා විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබේ.

මේ අතර පසුගිය වසරේ පාසල් ක්‍රිකට් තරඟාවලි පැවැත්වූ කාල සීමාවේ මාර්ග නීති උල්ලංඝනය කළ රියැදුරන් 250 කට අධික පිරිසකට එරෙහිව නඩු පැවරූ බව ද පොලිසිය ප්‍රකාශ කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බිම් බෝම්බ ඉවත් කිරිමට ජපන් රජය රුපියල් මිලියන 90ක්

Mohamed Dilsad

කංජිපානි ඉම්රාන් අධිකරණ හමුවට

Mohamed Dilsad

අලූත් අවුරුද්දේ අනතුරු වළක්වා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලිමක්

Mohamed Dilsad

Leave a Comment