ප්‍රමුඛ පුවත 1

ගජමුතු සහ කොටි දත් සමග 3කු අත්අඩංගුවට

(උදයම්,කොළඹ) – රුපියල් ලක්ෂ 20කට ගජමුතු දෙකක් අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි තරුණයන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.
ගල්කිරියාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති මෙම තරුණයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අනුරාධපුර – වීරපුර හා රාජාංගනය ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් අද දින කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණි.

මේ අතර, කොටි දත් 3ක් අලෙවි කිරීම සඳහා ළඟ තබාගෙන සිටි බව කියන පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මොහු විල්පත්තුව වනාන්තරය ආසන්නයේ පිහිටි සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇත.

සැකකරු සම්බන්ධයෙන්පො  කල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

අවුරුද්දෙන් පසු තෙල් මිල වැඩිවෙයිද?

Mohamed Dilsad

පිළියන්දල වෙඩි තැබීමට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මාර්තු සිට සීගිරියට පොලිතීන් තහනම්

Mohamed Dilsad

Leave a Comment