ප්‍රමුඛ පුවත 1

වැසි අඩු වන ලකුණු

පවතින වැසි සහිත කාලගුණික තත්වය ඉදිරි දිනවලදී ක්‍රමයෙන් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් ලබන 31 වනදායින් පසු වැසි තත්වය අඩුවනු ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

උතුර, උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

සෙසු ප්‍රදේශවල සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම්  සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් ද පවති.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

වලදමා තිබු අත්බෝම්බ තොගයක් ගොඩ ගනී

Mohamed Dilsad

ආනයනික වාහනවල ආසන පටි හා වායු බැලූන අනිවාර්ය කිරීම ජූලි සිට

Mohamed Dilsad

ඡන්දය ලබාදීමට ඇති කාලය දීර්ඝ වෙයි

Mohamed Dilsad

Leave a Comment