Trending News

පාවහන් නිෂ්පාදන කර්මාන්තයේ විශාල වර්ධනයක්

( උදයම්,කොළඹ)  – වර්තමානය වන විට මෙරට පාවහන් නිෂ්පාදන කර්මාන්තයේ විශාල වර්ධනයක් සිදුව ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මෙම තත්ත්වය තුළ මෙරටට පාවහන් ආනයනය කිරීම සියයට 60 සිට සියයට 20 දක්වා අඩු වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සම් භාණ්ඩ නිෂ්පාදකයින් පිරිසක් සමඟ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එමෙන්ම  මෙරට නිෂ්පාදනය කරන පාවහන් තොග විශාල වශයෙන් අපනයනය කිරීමට ද හැකියාව ලැබී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

2013 වසරේදී ශ්‍රී ලංකාව පාවහන් අපනයනයෙන් රුපියල් කෝටි 380ක මුදලක් උපයා තිබූ අතර 2015 වර්ෂයේ දී එය රුපියල් කෝටි 1170 දක්වා වර්ධනය කරගැනීමට හැකියාව ලැබී ඇති බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත.

Related posts

Supreme Court extends stay order on Geetha Kumarasinghe’s Parliament seat

Mohamed Dilsad

மனிதர்களுக்கிடையில் இருக்கவேண்டிய பிணைப்பின் மகிமையை விளக்குவது ஹஜ்

Mohamed Dilsad

ஷாபிக்கு எதிராக விசாரணை இன்று

Mohamed Dilsad

Leave a Comment