විදෙස්

ඇමරිකාවේ වෙසෙන ඉන්දුනීසියනුවන්ට අනතුරු ඇගවීමක්

(උදයම්,ඉන්දුනීසියාව) – සිරියානු සංක්‍රමණිකයන් ඇතුළු මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 7කින් පැමිණෙන සංක්‍රමණිකයන් නතර කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගනු ලැබූ තීරණයට ඉන්දුනීසියාවේ අප්‍රසාදය පල කර තිබේ.
ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝගය පිළිබඳ කම්පාවට පත්වන බව ඉන්දුනීසියානු විදේශ අමාත්‍යවරිය වන රෙට්නො මර්සුඩි ප්‍රකාශ කළාය.
ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ඉන්දුනීසියානුවන්ට අවධානයෙන් පසුවන ලෙස ද ඇය ඉල්ලීමක් කර ඇත.
ඉන්දුනීසියාව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තහනම් ලැයිස්තුවට ඇතුළත් නොවුවද ලොව විශාලතම මුස්ලිම් ජනගහනයක් වෙසෙන රාජ්‍ය වන්නේ ඉන්දුනීසියාවයි.

Related posts

ඉරාන සන්නිවේදන ඇමතිට එරෙහිව සම්බාධක

Mohamed Dilsad

ට්‍රම්ප්ට එරෙහිව ඇමෙරිකාවේ විරෝධතා

Mohamed Dilsad

සෝවියට් දේශ‌යේ අවසන් නායකයා මිහායිල් ගොර්බචෙව් සමුගනියි

Mohamed Dilsad

Leave a Comment