ප්‍රමුඛ පුවත 1

පිළියන්දල වෙඩි තැබීමට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)   –  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට පිළියන්දල ප්‍රදේශයේදී  වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මිරිහාන විශේෂ අපරාධ ඒකකය මගින් සිදු කළ වැටලීමකදී කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශයේදී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවගෙන් ප්‍රශ්න කිරීමේදී අපරාධය සිදු කිරීම සඳහා භාවිතා කළ ගිනි අවි ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් මෝටර් රථය සහ ටිපර්  රථයක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

සැකකරුවන් 31 හැවිරි සහ 57 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

ඔවුන් අද(30) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරුවන් සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

අන්තවාදී දේශන සිදුකළ සැකකරුවන් 05ක් අත්අඩංගුවට

Mohamed Dilsad

කන්ස්ට්‍රක්ෂන්ස් එක්ස්ෆෝ 2018 ප්‍රදර්ශනය විවෘත කෙරේ

Mohamed Dilsad

ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment