ප්‍රමුඛ පුවත 1

පිළියන්දල වෙඩි තැබීමට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)   –  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට පිළියන්දල ප්‍රදේශයේදී  වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මිරිහාන විශේෂ අපරාධ ඒකකය මගින් සිදු කළ වැටලීමකදී කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශයේදී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවගෙන් ප්‍රශ්න කිරීමේදී අපරාධය සිදු කිරීම සඳහා භාවිතා කළ ගිනි අවි ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් මෝටර් රථය සහ ටිපර්  රථයක්ද පොලීසිය විසින් සොයා ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

සැකකරුවන් 31 හැවිරි සහ 57 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

ඔවුන් අද(30) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරුවන් සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

රන්වීර් නෞකාවේ කොළඹට සේන්දු වෙයි

Mohamed Dilsad

ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රහාරකයාගේ සොහොයුරා ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට.

Mohamed Dilsad

දුම්රිය වර්ජනය අත්හරී

Mohamed Dilsad

Leave a Comment