ප්‍රමුඛ පුවත 1

අන්තවාදී දේශන සිදුකළ සැකකරුවන් 05ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – අන්තවාදී දේශන සිදුකළ සංවර්ධන සහකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු හොරොව්පොතාන කිවුලේකඩ සහ කැබිතිගොල්ලෑව ඇල්ලැව යන ප්‍රදේශවලදි අද (24) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලීසිය සදහන් කරයි.

සහරාන් හසීම් සමග සහ තවුහිද් ජමාත් සංවිධානය සමඟත් මෙම සැකකරුවන් සමීප සබඳතා පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන හොරොව්පොතාන කිවුලේකඩ පදිංචි මොහිදින් බාවා නවුපර් සහ කැබිතිගොල්ලෑව ඇල්ලැව ප්‍රදේශයේ පදිංචි නූර්ගෙ සකරියා,ලෙබිබෙ තම්බි ජස්මින්,සෙයුනූල් ආබ්දින් ඉරුෂාන්, සෙයුනිදීන්ගෙ හලිම් තුල්ලා, යන සැකකරුවන් පස් දෙනෙක් මෙලෙස අත්අඩංගුවට පත්විය.

ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතාට ලැබුණු තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තුර්කි ජාතික යුවළක් හා දැරියක් අත්අඩංගුවට

Mohamed Dilsad

රංගන ශිල්පී රයන් වැන් රොයන් බන්ධනාගාරගත කිරිමට නියෝග ලබා දෙයි.

Mohamed Dilsad

ඩන්කන් වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් විශේෂ මුල් දින කවරයක්

Mohamed Dilsad

Leave a Comment