ප්‍රමුඛ පුවත 1

පොලිස් පුටු මාරුවක්

(උදයම්,කොළඹ)   –  සේවා අවශ්‍යතා අනුව නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරු නව දෙනෙකුට  ස්ථාන මාරු ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරයි.

සබරගමුව නියෝජ්‍ය පොලිස්පති ආර්.එල්.කොඩිතුවක්කු සහ කළුතර  නියෝජ්‍ය පොලිස්පති ජී.කේ.පෙරේරා ස්ථානමාරු ලබාදී ඇති නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනාය.

ඊට අමතරව සහකාර පොලිස් අධිකාරීවරුන් 09 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබාදී ඇත.

මෙහිදී කොළඹ මධ්‍යම, අම්පාර, පානදුර, කුරුණෑගල, බණ්ඩාරවෙල, මහනුවර, නුගේගොඩ යන කොට්ඨාසවල රාජකාරි කළ සහකාර පොලිස් අධිකාරීවරුන් 07 දෙනෙකු හට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

වංචා විමර්ශන අංශයේ සහ පොලිස්පති අණදෙන මැදිරියේ කටයුතු කළ සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට ද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබාදී ඇති බව පොලිස්  මුලස්ථානය ස්නාදහන් කරයි.

Related posts

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීම් 2 ක් අද

Mohamed Dilsad

TNA පක්ෂ අතර විශේෂ හමුවක්

Mohamed Dilsad

අගමැති ජාත්‍යන්තර මූල්‍ය නගරය නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

Leave a Comment