Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල්ට නඩු දානවා – අතිරේක සොලිසිටර් ජනරාල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (28) දැනුම්දී තිබේ.

අදාළ නඩුකරය අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

රුපියල් ලක්ෂ 166ක මහජන දේපල අවභාවිතා කිරීමේ චෝදනා එල්ල කරමින් පොදු දේපළ පනත යටතේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩුව ගොනු කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානොත්සවයකට සහභාගී වීම සඳහා ලන්ඩන් වෙත යෑමට, රජයේ මුදල් අවභාවිතා කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

Related posts

පොලිස් කාන්තාවන් රාජකාරිවලින් නිදහස්

Mohamed Dilsad

අද සිට අධිකරණ කටයුතු අධියර කිහිපයක් යටතේ

Mohamed Dilsad

தமிழ் சினிமாவில் சன்னி லியோனின் சகோதரி

Mohamed Dilsad

Leave a Comment