දේශීය

අද සිට අධිකරණ කටයුතු අධියර කිහිපයක් යටතේ

(UTV | කොළඹ ) – අද (11) සිට අධියර කිහිපයක් යටතේ අධිකරණ කටයුතු ආරම්භ කර තිබේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සකස් කර ඇති විශේෂ චක්‍රලේඛයකට අනුගත වෙමින් රජය විසින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් අධිකරණ සේවා කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල සේවා කටයුතු අද ආරම්භ කෙරෙනු ඇත.

කොළඹින් පිටත අධිකරණ සදහා සැකකරුවන් කැදවීම සීමිත පරිදි සිදුකෙරෙන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

පළමු අදියරේදී රක්ෂිත බන්ධනාගාර ගතවූවන්ගේ නඩු පමණක් විභාග කෙරෙනු ඇති අතර කොළඹ අධිකරණ ආශ්‍රිත නඩු තවදුරටත් පෙර පරිදි නවීන තාක්ෂණය භාවිත කරමින් කැඳවන බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන්, නීතිඥවරුන් ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ සියළු නිලධාරීන් අනුගමනය කළයුතු සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් මාලාවක්ද මේ වනවිට සකස් කර තිබේ.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම්

Editor O

ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය වෙනස් කිරීමට ආණ්ඩුවේ උත්සාහයක්..?

Editor O

Leave a Comment