දේශීයව්‍යාපාරික

සංචාරක කර්මාන්තයේ නිරතවූවන්ට සහන සැළසීමට රජයේ අවධානය

(UTV | කෝවිඩ් -19) – කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් බිඳ වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා එම ක්‍ෂේත්‍රයේ නිරතවූවන්ට සහන සැළසීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ.

සංචාරක ක්‍ෂේත්‍රයේ නිරතවූවන්ගේද අදහස් සැළකිල්ලට ගනිමින් මේ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටවල් 48 කට ලබාදී තිබූ නිදහස් වීසා පහසුකම් මෙන්ම සංචාරක සංවර්ධන බද්දට ලබදී තිබූ බදු සහන අඛණ්ඩව ලබාදෙන්නේද යන්න පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි.

Related posts

කතානායක ඉල්ලා අස්වෙමින් ලියූ ලිපිය මෙන්න.

Editor O

ට්‍රම්ප්ගේ තීරු බදු නිසා ශ්‍රී ලංකාවට ඇති ආර්ථික අවධානම ගැන විපක්ෂ නායකගෙන් පැහැදිලි කිරීමක්

Editor O

බස්නාහිර අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment