දේශීය

බස්නාහිර පළාත නිරීක්ෂණයට පොලිස් නිලධාරීන් 10,000 ක්

(UTV | කොළඹ ) – අද (11) දිනයේදී බස්නාහිර පළාත තුළ කටයුතු සිදු කෙරෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා පොලිස් නිලධාරින් 10,000ක් යොදවා ඇති බවට ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරයි.

වෙළදසැල් හා සුපිරි වෙළදසැල් විවෘත කිරීමට අවසර පවතින අතර සති පොළ, දින පොළ, කායවර්ධන මධ්‍යස්ථාන, සම්භාහන ආයතන, සමාජශාලා, අවන්හල් හා පිසූ ආහාර අලෙවිහල් අද දින විවෘත කළ නොහැකි බව පොලිසිය පවසයි.

තේ, පලතුරු යුෂ සැපයීමේ හෝටල් හෝ ආයතනද අද දිනයේදී විවෘත කිරීමට අවසර හිමි නොවේ.

කෙසේ වෙතත් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ඇණවුම් මගින් ආහාර පාන ආදිය සැපයීමේ අවසරය ආපනශාලා වෙත හිමිව ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සැලෝන් , රූපලාවන්‍යාගාර , ඉදිකිරීම් ක්ෂ්ත්‍රයට අදාල කටයුතු මෙන්ම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන විවෘත කිරිමට අවසර හිමිවන අතර ඒ සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැනුවත් කිරීම සිදුකල යුතුයි.

Related posts

දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක

Mohamed Dilsad

ඇඳිරි නීතිය ගැන අසත්‍ය ප්‍රචාර[RELEASE]

Mohamed Dilsad

පස්සර මාරක බස් අනතුරේදී පළා ගිය ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment