Trending Newsඑසැන පුවත්දේශීය

ලොව හොඳම විද්‍යාඥයන් අතර සිටින, ආචාර්ය චන්න ජයසුමනට විශ්වවිද්‍යාලයෙන් කැපිල්ලක්..?

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ හිටපු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය, වෛද්‍ය චන්න ජයසුමන නැවත එම ධුරයට පත්කිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය දිගින් දිගටම ප්‍රතික්ෂේප කොට ඇතැයි වාර්තා වෙයි.

2020 මහා මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට මහාචාර්ය ධුරයෙන් ඉවත්වූ චන්න ජයසුමන නැවත 2024 දෙසැම්බරයේ සිය ධුරය සඳහා ඉල්ලුම්කර තිබේ. රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජයසුමන සේවය කළ දෙපාර්තමේන්තුවේ මේ වන විට එක් මහාචාර්යවරයෙකු පමණක් සේවය කළද පුරප්පාඩු පැවතියද ඔහු නැවත බඳවා ගැනීමට කටයුතු කර නොමැත.

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ඉහළින් ලැබෙන නියෝග අනුව කටයුතු කිරීමට සිදුව ඇති බවයි. ආචාර්ය චන්න ජයසුමන මේ පිළිබඳ අධ්‍යාපන අමත්‍ය අගමැතිනි හරිනි අමරසූරියගෙන් ලිඛිතව විමසුවද ඊට ප්‍රතිචාර දක්වා නොමැත.

ආචාර්ය චන්න ජයසුමනගේ පර්යේෂණ සඳහා හතර වරක් ජනාධිපති සම්මාන හිමි වූ අතර 1958 වයස අවුරුදු 38දී මහාචාර්ය ධුරයට පත්ව ආචාර්ය සේනක බිබිලේ තැබූ වාර්තාව 2016 වසරේදී වයස අවුරුදු 36දී මහාචාර්ය ධුරයට පත්වෙමින් බිඳ දමන ලදි.

2019 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාභිවර්ධන සංගමය පිරිනමන අන්තර්ජාතික සම්මානය මහාචාර්ය ජයසුමනට හිමි විය. එම සම්මානය හිමි වූ පළමු දකුණු ආසියාතිකයා ඔහුය. ඒ විවිධ පාර්ශ්වවලින් එල්ල වූ අභියෝග හමුවේ නොසැලී කෘෂිකාර්මික ප්‍රජාවගේ වකුගඩු රෝගය පිළිබඳ සිදුකළ පර්යේෂණ වෙනුවෙනි.

ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් සිදු කරන විද්‍යාඥයන් වර්ගීකරණයේදී ලොව හොඳම විද්‍යාඥයන් 2% අතරට අඛණ්ඩව තෙවරක් තේරී පත්වීමට ඔහුට හැකි විය.

මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍ය සිසුන්ට ආචාර්ය චන්න ජයසුමනගේ සේවය අහිමි කර තිබුණ ද ඔහු විදෙස් විශ්වවිද්‍යාල දෙකක ආරාධිත මහාචාර්යවරයෙකු ලෙස සේවය කරයි.

Related posts

Jessica Simpson’s husband makes her want to stay young

Mohamed Dilsad

இலங்கை ரூபாவின் பெறுமதி 180 ஆக வீழ்ச்சி

Mohamed Dilsad

ஓரினச் சேர்க்கையாளராக இருந்தேன் – பிலிப்பைன்ஸ் ஜனாதிபதி

Mohamed Dilsad

Leave a Comment