Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති අනුරට විශ්‍රාම වැටුප් දෙකක් ..? – ආචාර්ය විජයදාස රාජපක්ෂ

ජනාධිපති අනුර කුමාර දිසානායක මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත තමන්ට විශ්‍රාම වැටුප් දෙකක් හිමි වෙන පරිදි සකස්කර ඇතැයි හිටිපු අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

“වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට නව පනතක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු එම පනත ගෙනැවිත් තිබෙන්නේ ඔහුගේ විශ්‍රාම වැටුප් දෙක ආරක්ෂා කර ගනිමින් බව පැහැදිලියි.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ නව පනතට අනුව ජනාධිපතිවරයා ලෙස දින පහක් සේවය කළත් ඔහුට ඒ සඳහා විශ්‍රාම වැටුප හිමි වෙනවා. ඊට අමතරව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස විශ්‍රාම ගොස් සිටින බැවින් ඒ විශ්‍රාම වැටුපත් ඔහුට හිමිවෙනවා.

මේ අනුව බලන විට විශ්‍රාම වැටුප් දෙක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට පමණක් නොව පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් සිට ජනාධිපති වූ සියලු දෙනාට හිමිවෙනවා.”

කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් විජයදාස රාජපක්ෂ මේ බව කියා සිටියේය.

Related posts

பத்திரிகையாளர் ஜமால் மறைமுக மரண தண்டனைக்கு பலியாகியுள்ளாரா?

Mohamed Dilsad

Child and two men die in Japan earthquake

Mohamed Dilsad

තද වැසි තත්වය නිසා ගං වතුර අවදානමක්

Mohamed Dilsad

Leave a Comment