Trending Newsඑසැන පුවත්දේශීය

බොරු කියූ අශෝක රංවලට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන පෙන්වන්න – රංජිත් මද්දුමබණ්ඩාරගෙන් ආණ්ඩුවට අභියෝගයක්

අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතාව නොමග යැවූ හිටපු කතානායක අශෝක රන්වල මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන පෙන්වන ලෙස සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ආණ්ඩුවට අභියෝග කරයි.

පාර්ලිමේන්තු චර්යා ධර්ම සංග්‍රහයේ එන අවංකභාවය සහ ජනතාවට වගවීම යන මූලික කරුණු අශෝක රන්වල මන්ත්‍රීවරයා උල්ලංඝනය කර ඇති බවද මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

මැතිවරණ සමයේ තමන්ට ආචාර්ය උපාධියක් ඇති බව පැවසුවද පසුව එම සහතිකය ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් වූ බව පෙන්වා දෙන ඒ මහතා, මෙවැනි බොරු කීම් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් විනය ක්‍රියාමාර්ග නොගැනීම පුදුම සහගත බවද වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

தமிழக கடற்றொழிலாளர்கள் விரைவில் விடுவிக்கப்படவுள்ளதாக தெரிவிப்பு

Mohamed Dilsad

மக்கள் விடுதலை முன்னணியும் ஜனாதிபதியின் அழைப்பை நிராகரித்தது

Mohamed Dilsad

දුම්රිය 2 ක් ධාවනයෙන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment