Trending Newsඑසැන පුවත්දේශීය

ගල් අඟුරු ගන්න රුසියාවේ පොටෙන්ෂියා සමාගමට ලියාපදිංචිය දුන්නේ මේ ආණ්ඩුව – ඩී. වී චානක

රුසියාවේ පොටෙන්ෂියා සමාගම ගැනත් කතා කරනවා. මේ සමාගම ලියාපදිංචි කළේ වත්මන් ආණ්ඩුව යටතේ. ” යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී. වී. චානක මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සම්බන්ධ විවාදයට එක්වෙමින් මේ බව කී මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

“ඒ සමාගමට ලියාපදිංචිය දීලා දැන් විපක්ෂයට චෝදනා කරනවා. ඒ සමාගමට ගිය අගෝස්තු මාසයේදී නැව් 5 ක් වැඩියෙන් ගෙන්වන්න අවස්ථාව දී තිබෙනවා. මම තමයි ඒ ගැන පාර්ලිමේන්තුවේ හෙළි කලේ. පස්සේ ඇමතිතුමා ඒව කැන්සල් කලා. හදිසි මිල කැඳවීම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. කැබිනට් තීරණයක් අනුවයි එය ක්‍රියාත්මක වෙන්නේ.”

කවුද මේ පොටෙන්ෂියා

පොටෙන්ෂියා එල්.එල්.සී. (Potencia L.L.C) යනු මේවන විට මතභේදාත්මක බාල ගල් අඟුරු ටෙන්ඩරයේ දෙවැනි අඩුම ලංසුව ඉදිරිපත් කළ සමාගමය.

ඔවුන් ඉදිරිපත් කර ඇති මිල අනුව අදාළ ගල් අගුරු ටෙන්ඩරය ලබාදුන හොත් ආණ්ඩුවට පළමු ගැනුම්කරුට වඩා ඩොලර් මිලියන 4ක මුදලක් ගෙවීමට සිදුවනු ඇති බව මේ බව විට අනාවරණය වී තිබේ.

2022–2025 කාලය සඳහා ගල් අඟුරු ලබාදීමේ ටෙන්ඩරය හිමිකරගෙන තිබුණේ  Black Sand Commodities නැමැති ඩුබායි සමාගමකින් වුවද, එම සැපයුම්කරුට ඇති වූ ජාත්‍යන්තර සම්බාධකයක් හේතුවෙන් ඒ වෙනුවට ගල් අඟුරු සැපැයුම සිදුකර තිබුණේද අදාළ සමාගම විසිනි.

අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තුළ බාල ඖෂ්‍ධ ගෙන්වීමේ චෝදනා එල්ලවූ පුද්ගලයන් සිටින බවද මේවන විට අනාවරණය වී තිබේ.

Related posts

මෙවර රුහුණු මහා කතරගම දේවාල ඇසළ පෙරහැර ජනතාවගෙන් තොරයි

Mohamed Dilsad

දයාසිරිගේ පැමිණිල්ලකට අදාළ නඩුවක් 31ට කල්යයි.

Editor O

Sajith Premadasa is the ‘development machine’ that serves people – Sajith

Mohamed Dilsad

Leave a Comment