දේශීය

මෙවර රුහුණු මහා කතරගම දේවාල ඇසළ පෙරහැර ජනතාවගෙන් තොරයි

(UTV |කතරගම) – ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල යේ වාර්ෂික ඇසළ මහෝත්සවය ජුලි මස 21වනදා ආරම්භ වේ.

2248වැනි වරට පැවැත්වෙන මෙම මහෝත්සවය අගෝස්තු මස 04වනදා මැණික් ගගේ දිය කැපීමෙන් අවසන් වීමට නියමිතය.

කොවිඩ් මර්ධනයට සහාය වෙමින් සෞඛ්‍ය අංශයේ මාර්ගෝපදේශවලට අනුව ආගමික චාරිත්‍රයන්ට පමණක් මුල්තැන දෙමින් මෙවර ඇසළ මංගල්‍ය උත්සවය පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙවර පෙරහැර මංගල්‍ය පැවැත්වෙන කාල සීමාව තුළ පූර්ණ වශයෙන් මහජනතාවට ආගමික කටයුතු සදහා සහභාගීවීමට හෝ නැරඹීමට අවස්ථාව හිමි නොවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එසේම උතුරු කැගෙනමිර සිට ඔකඳ කුමන – යාල වනෝද්‍යානය හරහා කතරගම පුදබිම වෙත ගමන් කරන පිරිසට අවශ්‍ය පහසුකම් සැපයීම නොකරන බවත් ඒ සදහා සභාගීවීමට අවශ්‍ය අවසර ලබා නොදීමටත් තීරණය කර තිබේ.

Related posts

කුමන්ත්‍රණයේ හවුල්කරුවෙකු වෙන්න එපා! සජිත්, විජේදාසට කියයි

Mohamed Dilsad

විභාග දින පිළිබඳ හෝඩුවාවක්

Mohamed Dilsad

රාජ්‍ය-පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක්

Editor O

Leave a Comment