දේශීය

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ආරක්ෂාව තර කරයි

(UTV | කොළඹ) – මුහුදු සීමාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක විශේෂ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව නාවික හමුදාව පවසයි.

විදෙස් රටවල සිට මුහුදු මාර්ගයෙන් මෙලෙස දිවයින තුළට පුද්ගලයන් පැමිණෙන අතර , තවමත් ඉන්දියාවේ සිට කොවිඩ් ආසාදිතයින් මුහුදු මාර්ගයෙන් මෙරට උතුරු ප්‍රදේශයට පැමිණීමේ අවදානමක් පවතින බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

මීට පෙර අවස්ථාවල දී මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ අතර , එම ක්‍රියාවලිය තවදුරටත් ඉහළ දමමින් පවත්වාගෙන යන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශේෂ නීති

Mohamed Dilsad

අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට 23 ටපෙර අයදුම් කරන්න

Mohamed Dilsad

Leave a Comment