දේශීය

වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශේෂ නීති

වතු කම්කරුවන්ගේ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වන විශේෂ නීති ගෙන එන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

 

වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර දෙසියක් ගත වීම නිමිත්තෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන් වතු වෘත්තීය සමිති නියෝජිතයින් සමග අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අදාළ නීති සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

 

කම්කරු‌ දෙපාර්තමේන්තුව විසින් වතු කම්කරුවන්ට යවනු ලබන ලිපි සිංහල භාෂාවෙන් යොමු කිරීම හේතුවෙන් සිය ගැටලු විසඳා ගැනීමට නොහැකිවීම පිළිබඳව වතු වෘත්තීය සමිති එම සාකච්ඡාවේදී අමාත්‍යවරයා දැනුවත් කර ඇති අතර ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුව විසින් වතු කම්කරුවන්ට යවනු ලබන සියලුම ලිපි දෙමළ භාෂාවෙන් ද යොමු කරන ලෙස අමාත්‍යවරයා අදාළ සාකච්ඡාවේදී උපදෙස් ලබාදී තිබෙනවා.

 

 

 

Related posts

මහ මැතිවරණය කල් දැමිය යුතුයි – කැෆේ සංවිධානය

Mohamed Dilsad

තිරිඟු පිටි මිල ඉහළට

Mohamed Dilsad

රිෂාඩ් ගැන විපක්ෂය ප්‍රශ්න කරද්දී කතානායකවරයාට කට උත්තර නැති වෙයි

Mohamed Dilsad

Leave a Comment