දේශීය

මැතිවරණයට එරෙහි පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් දෙකක්

පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සම් දෙකක් ගොනුකර තිබෙනවා.

 

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකු වන නීතිඥ සුනිල් වටගල සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරන්ග ගුණසේකර විසින් එම පෙත්සම් දෙක ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

 

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, වර්තමානයේ රට තුළ විශාල ආර්ථික අර්බුදයක් මතු වී තිබෙන හෙයින් මෙම අවස්ථාවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම නුසුදුසු බව සඳහන් කරමින් විශ්‍රාමික යුද හමුදා කවරෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇති බවත් මෙම පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

 

එබැවින් අදාළ පෙත්සම සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් අතරමැදි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

Related posts

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදා හැරීමට අවශ්‍ය මුදල් මහ බැංකුවෙන් ලබාදීමට තීරණයක්

Mohamed Dilsad

ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරීම වළක්වා ගන්න පාසල් දරුවන්ට මුහුණ ආවරණ පළඳවන්න – සෞඛ අංශ ඉල්ලීමක් කරයි.

Editor O

ෆැල්කන් මෘදුකාංගයේ තාක්ෂණික දෝෂයෙන් බලපෑමක් වුණාදැයි-මෙරට තොරතුරු පද්ධති 40කින් වාර්තා කැඳවයි.

Editor O

Leave a Comment