දේශීයප්‍රමුඛ පුවත 1

ගම්පහ සණස සමිතියේ කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගම්පහ සණස සමිතියේ කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රුපියල් 73 කෝටි 29 ලක්ෂ 56දහස් 660 ක් බව පොලීසිය සඳහන් කරයි.

සණස සමිතියේ තැම්පත්කරුවන්ගේ තැම්පත් මුදලක් මෙලෙස වංචනිකව ගම්පහ සංවර්ධන සමිතිය වෙත ණය මුදල් වශයෙන් ලබාදෙමින් මෙම මූල්‍ය වංචාව සිදු කර ඇති බව පොලිසිය පවසයි.

මේ පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විමර්ශනයක් සිදුකර තිබේ.

අදාළ විමර්ශනයෙන් පසු මෙම කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාව ඊයේ(13) අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(14) ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

අදත් වැසි ඇතිවන ලකුණු

Mohamed Dilsad

ආණ්ඩුවට එක්වීමට යන බවට වන වාර්තා ගැන මන්ත්‍රී රිෂාඩ් පිළිතුරු දෙයි

Mohamed Dilsad

IMF පිළිබඳ තීරණය 03දා

Mohamed Dilsad

Leave a Comment