දේශීය

කොරෝනා නිසා ලංගමට රුපියල් මිලියන 2128 ක පාඩුවක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 2128 ක මුදලක් අහිමි වී ගොස් තිබේ.

දෛනිකව ලංකා ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 76 ක මුදලක් අහිමි වී ඇත.

මිට අමතරව ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දෛනිකව රුපියල් මිලියන 15 ආදායමක් අහිමි වීමත් සමඟ ගත වු දින 28 ක කාලය තුළ රුපියල් මිලියන 420 ක පාඩුවක් සිදුව තිබේ.

තවද මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවට දෛනිකව සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 30 ක් වන අතර සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් මිලියන 840 කි.

අමාත්‍යා මහින්ද අමරවීර මහතා විසින් නිලධාරීන්ට දුන් උපදෙස් මත ප්‍රවාහන සේවා හා කළමානාකරණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට ආදායම් අහිමි වීම පිළිබඳ තොරතුරු ගණනය කිරීම් සිදුව ඇත.

Related posts

කෝප් සහ කෝපා සඳහා නව සභාපතිවරුන් පත් කිරීම අදයි

Mohamed Dilsad

මැතිවරණය සම්බන්ධයෙන් ජනපති ලේකම්ට ලිපියක්

Mohamed Dilsad

වැඩි මිලට කහ කුඩු අලෙවිකරන්නන් සොයා මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment