Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී මහා බෝධිය පහුකරගෙන, සිල් ගැනීමට යාපනයට පැමිණීම සීලය නොව වෛරයයි – ජනාධිපති අනුර දිසානායක (වීඩියෝ)

යළි කිසි දිනක ජාතිවාදී ගැටුම් සඳහා නොයන රටක් ගොඩනැඟීමේ අවශ්‍යතාව ඇති බවද කිසිදු ජාතිවාදයකට නැවත නැගීමට ඉඩ නොතබන බවද ජනාධිපති අනුර දිසානායක පවසයි.

රටේ පොඩි පොඩි ජාතිවාදී ගුලි පවතින බවත් ශ්‍රී මහා බෝධිය පහුකරගෙන පිරිසක් සිල් ගැනීමට යාපනයට පැමිණෙන බවත් එහි ඇත්තේ සීලය නොව වෛරය බවත් එතුමා අවධාරණය කරයි.

එසේ නොවේ නම් පන්සල් පූජනීය ස්ථාන විශාල ප්‍රමාණයක් පසුකර යාපනයේ එක් ස්ථානයකට පැමිණීමට හේතුවක් නොමැති බවත් හෙතෙම සඳහන් කරයි.

එසේම සෑම පොහෝ දිනයකම එම ස්ථානයට පිරිසක් වට වන්නේ ඉඩම් වෙනුවෙන් නොව ජාතිවාදය වෙනුවෙන් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

කුඩා කුඩා ජාතිවාදී කණ්ඩායම් යළි තැන තැන හිස එසවීමට උත්සාහ කළ ද ඒ සඳහා ඉඩ නොතබන බව ද ජනාධිපතිතුමා සඳහන් කරයි.

යාපනයේ දී රැස්වීමක් අමතමින් ජනාධිපති අනුර දිසානායක අද (16) මේ බව කීවේය.

Related posts

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් – ඉන්දියා ලෙජන්ඩ්ස් අවසන් තරඟය අද

Mohamed Dilsad

Michael Goolaerts suffered cardiac arrest before Paris-Roubaix crash

Mohamed Dilsad

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට

Editor O

Leave a Comment