Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත්කරයි

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත් කිරීමේ දී තරුණ නියෝජිතයන්ට වැඩි අවස්ථාවක් ලබා දීමට එම පක්ෂය පියවර ගෙන තිබේ.

විපක්ෂ නායක කාර්යාලයේ දී අද (16) පෙරවරුවේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මෙම නව පත්වීම් ලබා දීම සිදු විය.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් මෙලෙස නවක සාමාජිකයන් ලෙස පත්වීම් ලිපි ලබා ගත්තේ පහත තරුණ දේශපාලන නියෝජිතයන් පිරිසකි:

  • චරිත් අබේසිංහ
  • වරැණ රාජපක්ෂ
  • මහේෂ් සේනානායක
  • වෛද්‍ය චමල් සංජීව
  • සංජීව ධම්මික

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් ද එක්ව සිටියහ.

පක්ෂයේ ඉදිරි දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා තරුණ නියෝජිතයන්ගේ දායකත්වය සක්‍රීයව ලබා ගැනීම මෙම පත්වීම්වල ප්‍රධාන අරමුණ වී තිබේ.

Related posts

දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව වසර 8 ක ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

නීතිපති සංජය රාජරත්නම්ට මාස හයක සේවා දිගුවක් දෙයිද..?

Editor O

Commission on Srilakan Air lines, Sri Lankan catering and Mihin Air named

Mohamed Dilsad

Leave a Comment