Trending Newsඑසැන පුවත්දේශීය

අලුතින් ගෙනා ගල් අඟුරු සාම්පල විද්‍යාගාර පරීක්ෂණ දෙකකින් අසමත් | බාල ගල් අඟුරු නිසා පාඩුව රු. කෝටි 700ක් – හිටපු ඇමති පාඨලී චම්පික

නොරොච්චෝල ලක්විජය බලාගාරයේ සිදුකළ විද්‍යාගාර පරීක්ෂණ දෙකකින්, මෙරටට ආනයනය කළ ගල් අඟුරු සාම්පල අසමත්ව ඇති බව විදුලි බල හා බලශක්ති හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කළේය. 

ඒ මහතා කියා සිටියේ, අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ගල් අඟුරු සමාගම විසින් සිදුකරනු ලබන විමර්ශන වාර්තාව අද (16) නිකුත් වීමට නියමිත බවයි.

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නෞකා දෙකක් ගෙන්වීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 700ක අතිවිශාල මූල්‍ය අලාභයක් දරා ගැනීමට සිදුව ඇති බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ගිවිසගත් පරිදි නිවැරදි ගුණාත්මකභාවයෙන් යුතු ගල් අඟුරු ආනයනය කළේ නම් මෙම අනවශ්‍ය වියදම වළක්වා ගැනීමට හැකියාව තිබූ බව ඔහු සඳහන් කරයි.

එසේම, අදාළ සමාගමට මෙම සැපයුම් ඇණවුම ලබා දීම සඳහා වගකිවයුතු අමාත්‍යවරයා දැඩි උත්සාහයක නිරත වූ බවත්, මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය පිටුපස බරපතළ දූෂණයක් පවතින බවත් රණවක මහතා වැඩිදුරටත් චෝදනා කළේය.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ද මෙම විෂය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසනු ලැබීය.

නව ගල් අඟුරු තොගයේ ප්‍රමිතිය සම්බන්ධ පරීක්ෂණ නිම කිරීමටත් පෙර, ඒවා කෙළින්ම බොයිලේරු වෙත යොමු කර දහනය කර ඇත.

මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ බලාගාරය සතුව ප්‍රමිතියෙන් යුතු පැරණි ගල් අඟුරු තොග පවතිද්දීය.

පරීක්ෂණ වාර්තා ලැබීමටත් පෙර, මෙලෙස හදිසියේ ගල් අඟුරු දහනය කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා වාර්තා කරන ලෙස කාරක සභා සභාපතිවරයා එහි සිටි නිලධාරීන්ට දැන්වීය.

Related posts

JO meets President while SLFP meets former President

Mohamed Dilsad

Norway to provide USD 1.2 million to Sri Lanka for flood and landslide relief

Mohamed Dilsad

Party Leaders decides not to use electronic voting system

Mohamed Dilsad

Leave a Comment